අපේ දැක්ම
"අද විශිෂ්ඨ සේවාවෙන් - හෙට ජනතා පැසසුමට"අපේ මෙහෙවර
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ආර්ථික, සමාජ, සංස්කෘතික, ආගමික හා පාරිසරික උරුමයන්හි නිරන්තර සංවර්ධනය උදෙසා ප්‍රදේශයේ අභ්‍යන්තර වූත් බාහිර වූත් මානව, භෞතික, මූල්‍ය හා ආයතනික සම්පත් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුගතව ඵලදායී හා ප්‍රශස්ත අයුරින් යොදා ගැනීමත් මෙම ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලියේ දී පෙර ගමන්කරු වශයෙන් ක්‍රියාශීලී හා සුහදශීලී කණ්ඩායමක් වශයෙන් පෙරමුණ ගැනීමත් අපගේ මෙහෙවරයි.තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය ජනප්‍රවාද හා පුරාණෝක්ති අනුව තිරප්පනේ ජනාවාස ඉතිහාසය ක්‍රි.ව. 19 සියවස දක්වා දිව යයි. රුවන්වැලි මහ සෑයේ නිර්මාතෘවර දුටුගැමුණු රජුට මරණාසන්න මොහොතේ තමන්ට ඉදි කිරීම් නිම කිරීමට නොහැකි වු රුවන් වැලි මහ සෑය ඔහු සොහොයුරු සද්ධාතිස්සයන් ප්‍රමුඛ පිරිවර ඉදිකිරීම් නිම වු අයුරින් තිරවලින් වට කර ඉතා අලංකෘත මහ සෑයක් ලෙස රජුට පෙන්වීමට සලස්වා ඇත. එකල මෙම ප්‍රදේශයේ විසූ ජනතාවට ඉතා හොදින් මෙම තිරවලින් වට කළ සෑ රජුන් දර්ශනය වී ඇත. මේ අනුව තිර පෙනෙනු ලැබූ ප්‍රදේශය තිර පෙනේ ලෙස භාවිතා වී පසුකාලීනව වහරන්නන්ගේ පහසුව උදෙසා තිරප්පනේ යනුවෙන් භාවිතයට එක් වී ඇත.
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආශ්‍රිත ඉතිහාසය 1958 තරම් ඈතට දිව යන බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. පුරාණ තොරතුරුවලට අනුව 1931 දී පමණ මෙම ප්‍රදේශය පාලනය වී ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ ආදායම් පාලක වරයා යටතේය. 1957 පමණ වන විට කහටගස්දිගිලිය ප්‍රාදේශීය ආදායම් පාලක වූ ඊ.එල්.බී. හුරුල්ලේ මහතා තිරප්පනේ කුඩා නගරයේ මුලින්ම පලාත් කාර්යාලයක් පවත්වා ඇති අතර එවකට මෙම ප්‍රදේශය හදුන්වා ඇත්තේ දකුණු හුරුළු පළාත යනුවෙනි.
උක්ත ස්ථානයේම 1958 දී පමණ තිරප්පනේ ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරී කාර්යාලය පිහිටුවා ඇත. එකල්හි මෙම කොට්ඨාශය වර්තමාන ප්‍රමාණයට වඩා විශාල වූ අතර පළුගස්වැව, ගලෙන්බිදුණුවැව, කැකිරාව වැනි ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාස බිහි වූයේ ඊට බොහෝ කලකට පසුව බව ප්‍රදේශවාසීන්ගේ පවසයි.
ප්‍රථමයෙන් මෙම ආදායම් පාලක කොට්ඨාශයට පැමිණි ආදායම් පාලක නිලධාරී ( DRO) එච්.එම්.ඩී.බී. හේරත් මහතා විය. උතුරු කලාගම් කෝරලයේ කොටසක්ද, උලගල්ල කෝරලය මුලුමනින්මද තිරප්පනේ ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරී කොට්ඨාශයට අයත් වූ බවත් එකල්හි මුළු තුලාන් සංඛ්‍යාව 10 ක් වූ බවත් දැක්වේ. වර්තමාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවා ඇති භූමි භාගයට මෙම කාර්යාලය ගෙන එන ලද්දේ 1964 වර්ෂයේ දීය.

මේ දක්වා සේවය කළ ප්‍රාදේශීය ලේකම්වරු
| නම | සිට | දක්වා |
| පී.බී. රත්නායක මයා | 1989.02 | 1991.11 |
| කේ.ජී. අශෝක අලවත්ත මිය | 1991.12 | 1992.01 |
| ඒ. නෝබට් මයා (වැ.බ.) | 1992.01 | 1992.08 |
| එම්.ජී. ගුණවංශ මයා | 1992.09 | 1996.01 |
| කේ.ජී. අශෝක අලවත්ත මිය | 1996.02 | 1998.09 |
| ඒ.එම්.ඩබ්.ඒ. අමුණුගම මයා | 1998.10 | 1999.11 |
| පී.බී. සිරිවර්ධන මයා | 1999.12 | 2000.04 |
| එච්.එම්.පී. බණ්ඩාර මයා | 2000.06 | 2005.02 |
| යූ.ආර්.ටී.ආර්. අබේවර්ධන මිය | 2005.02 | 2005.08 |
| රත්න කේ. ප්‍රේමසිරි මයා | 2005.09 | 2009.04 |
| එච්.එම්. ජගත් මහේන්ද්‍ර හේරත් මයා | 2009.05 | 2010.11 |
| එම්.ඩබ්.එම්.එම්. මඩහපොල මිය (වැ.බ.) | 2010.11 | 2011.02 |
| ආර්.එම්.පී. රත්නායක මයා | 2011.02 | 2011.08 |
| එච්.එම්.එම්. රේණුකා කුමාරී හේරත් මිය | 2011.08 | 2018.08 |
| එම්.ජී.එන්. දිල්රුක්ෂී මිය (වැ.බ.) | 2018.08 | 2018.09 |
| එම්.එස්.එස්.සාජිදා බානු මිය | 2018.09 | 2023.07 |
| අයි.ජී.ඒ.ආර්.එස්.අයි. බණ්ඩාර මයා (වැ.බ.) | 2023.07 | 2023.11 |
| කේ.පී.කේ.එල්.පී. මධුවන්ති මිය | 2023.11 |